ත්‍රිමාණ සජිවිකරණය - සංචාරක තොරතුරු කේන්ද්‍රය

Thursday, September 22, 2011
නුවර එළිය නගර මධ්‍යයේ ඉදිකිරීමට යෝජිත සංචාරක තොරතුරු කේන්ද්‍රයෙහි ත්‍රිමාණ සජිවිකරණය තමයි මේ. මගේ යාලුවෙක්ගෙ විශ්ව විද්‍යාලයේ අවසන් වසර ව්‍යාපෘතියට සහායවීමට නිර්මාණය කරපු සජීවිකරණ වීඩියෝව අන්තර්ජාලයට මුදාහරින්නනම් මාස දෙකක් විතර කල් ගියා. ඒ අතරේ දැන් යාලුවනම් Architect කෙනෙක් වෙලා.
http://youtu.be/t0YMjFQlR4M


චන්ද්‍රිකාවකින් අනතුරක්....

Sunday, September 18, 2011
වසර විස්සක් පැරණි චන්ද්‍රිකාවක් එහි කක්ෂයෙන් ඉවතට පැනීම නිසා පෘථිවියට කඩාවැටීමට නියමිතව ඇති බව නාසා ආයතනය විසින් ප්‍රකාශකර ඇතිබව BBC පුවත් සේවය වාර්තා කරනවා. ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් 24 හෝ ඊට ආසන්න දිනයකදී උතුරු අක්ෂාංශ 57ත් දකුණු අක්ෂාංශ 57 අතර කුමන හෝ ස්ථානයකට මෙය කඩාවැටීමේ සම්භාවිතාවක් ඇතිබව තමයි පැවසෙන්නේ.
පෘථිවියේ ගැටීමට පෙර පෘථිවි වායුගෝලයේ ගැටීම නිසා මෙහි බොහොමයක් කොටස් විනාශ වුවද කොටස් 26ක් පොළවට වැටීමට හැකියාව ඇතිබවත් එම කොටස් කිලෝමීටර 400 -500 පමණ පුරා පැතිරීමට හැකිබවත් තක්සේරු කරලා තියෙනවා. කෙසේවුවද නසා පවසන අන්දමට කඩාවැටෙන ස්ථානය වඩා නිරවද්‍යව කිවහැක්කේ එය පෘථිවි වායුගෝලයට ඇතුළුවීමට පැය දෙකකට පමණ පෙරදීලු.

එන්න තියෙන Windows 8

Friday, September 2, 2011

සැප්තැම්බර් මාසයේ තියෙන Microsoft "Build Conference" හිදී Windows 8 හි beta version එක ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ තියෙනවා කියල තමයි දැනට පේන විදිහටනම් තියෙන්නේ. ඒ වගේම මේ වනවිටත් Windows 8 හි ඇතැම් වෙනස්කම් ප්‍රසිද්ධියට පත්කරලා අවසානයි. ඒ අතරින් USB 3.0 සමග වැඩකිරීමේ පහසුතාව, Windows Explorer වල සිදුකරපු වෙනස්කම් මෙන්ම file management වල සිදුකරල තියෙන වෙනස්කම් කැපීපෙනෙනවා.
අපිට දැන් තියෙන කරදරයක්නේ file copy හරි move හරි කරනකොට එකවර එකකට වඩා දුන්නහම slow වෙන එක. Windows 8 වලදිනම් ඒ කරදරය නැතිකරලා කියල තමයි කියන්නේ. ඒ සඳහා copy operation pause කිරීමේ පහසුකමක් ලබාදීලා තියෙනව. ඒ වගේම ප්‍රස්ථාර අනුසාරයෙන් විස්තර බලාගැනීමේ හැකියාවත් මෙහිදී ලබාදෙනවා.

Beam Designer මෘදුකාංගය

Saturday, August 20, 2011

මේ දවස්වල අපේ සිවිල් එකේ උදවිය තමන්ගේ අවසන් වසර ව්‍යපෘතිය සඳහා අවශ්‍ය කටයුතු කරමිනුයි ඉන්නේ. එහිදී එකිනෙක කොටස් design කරන්න විශාල කාලයක් යන නිසා ඒ දේ කරගන්න software එකක් තිබුනනම් හොඳයි කියල හිතුන නිසා තමයි මම Beam Designer කියල software එකක් හැදුවේ. දැනට අවසන් වෙලා තියෙන්නේ beam වුනාට ඉතුරු කොටසුත් ඉදිරියේදී නිර්මාණය කරන්න තමයි හිතාගෙන ඉන්නේ. test කරලා බලල හොඳ නරක කියන්නකෝ....

සම්පුර්ණ Beam Designer පිටපත
http://www.mediafire.com/file/k1g673a5e60aj5i/Beam%20Designer.exe

මේ සඳහා Microsoft Office Word 2007/2010 පරිගණකය තුල ස්ථාපිතව තිබිය යුතු අතර මෘදුකාංගය Windows7 Ultimate සඳහා පරික්ෂා කර ඇත.(Windows XP සමඟ ක්‍රියාත්මක නොවේ.)

භාවිතා කලයුතු අනුපිලිවෙල

තිස් දෙකද හැට හතරද....

Sunday, August 7, 2011

(තිස් දෙක කොහොම වෙතත් හැට හතර කිවුවම නම් මතක්වෙන්නේ ගෑනුන්ගේ මායම් හැට හතරනේ. ඒ කොහොම වෙතත් මටනම් මේක මතක් වුනේ අපේ යාලුවෙක් පහුගිය දවස් වල 64bit photoshop එකක් මට මඩ ගහන්න කියල install කරගත්ත කියන ආරංචිය ආවම තමයි. හැබැයි ඉතින් මිනිහනම් ඕකෙන් edit කරලා මට මඩ ගහන්නෑ කියල මට ලොවෙත් සුවර්. ඔන්න ඔය කතාව නිසා මට හිතුන තිස් දෙකයි හැට හතරයි ගැන දන්නා ටිකක් බ්ලොග් එකේ ලියන්න කියල.)
පරිගණක ප්‍රොසෙසරය දත්ත හැසිරවීමට යොදාගන්න ක්‍රම දෙක 32-bit සහ 64-bit යනුවෙනුයි හදුන්වන්නේ. මෙයට මුලික වී තියෙන්නේ යොදාගනු ලබන මතක ධාරිතාව වන අතර 32-bit පද්ධතියකට වඩා 64bit පද්ධතියකට විශාල මතක ධාරිතාවක් හැසිරවීමට හැකිවීම විශේෂත්වයක්. සංක්‍යාත්මකව කියනවනම් 32-bit පද්ධතියකට bit 2³² හෙවත් bit 4,294,967,295ක් හැසිරවීමටත් 64-bit පද්ධතියකට bit 2⁶⁴ හෙවත් bit 18,446,744,073,709,551,615ක් හැසිරවීමටත් හැකියාව ඇති බව න්‍යායාත්මකව පෙන්වාදිය හැකියි. ඒ අනුව 32-bit පද්ධතියකට 4GB (2³²/1024³) මතකයක් හැසිරවිය හැකිවුවත් ප්‍රයෝගිකව එය 2.99GB ලෙස අඩු අගයකින් පෙන්වීම විශේෂයි. මේ හේතුව නිසා 32-bit operating system භාවිතා කරන්නන් 4GB RAM භාවිතය නිෂ්ඵල ක්‍රියාවක්.
නමුත් 64-bit operating system භාවිතා කිරීමේදී 8GB හෝ 16GB වැනි ඉහල මතක ධාරිතාවන් භාවිතයට හැකිවීමේ වාසිය මෙන්ම kernel patch protection නම් ක්‍රමය මගින් ඉහල ආරක්ෂාවක් සහිතව දත්ත හැසිරවීමටත් හැකියාව ලැබෙනවා. එමඟින් පරිගණකයේ වේගය සැලකිය යුතු ලෙස වැඩි වීමක් පෙන්නුම් කරනවා. 
කෙසේ වුවද 16-bit මෘදුකාංග සහ ඇතැම් 32-bit මෘදුකාංග 64-bit OS තුල ක්‍රියාත්මක වන්නේනම් නැහැ. නමුත් බොහොමයක් 32-bit මෘදුකාංග 64-bit සහිත පරිගණකයෙහි Program Files(x86) නම් ෆෝල්ඩරය තුල ස්ථාපනය වෙමින් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනනිසා ඉන් ඇතිවන අපහසුතාවද මගහැරී යනවා. එසේම අලුතින් එළිදක්වන මෘදුකාංග 64-bit සමගද ක්‍රියාත්මකවන ලෙස නිර්මාණය කරන නිසා ඉදිරියේදි නම් අපහසුතාවක් ඇතිවන එකක් නැහැ. නමුත් පරිගණකය සමග භාවිතා කරන මුද්‍රණ යන්ත්‍ර වැනි බාහිර උපකරණ වල 32-bit drivers නම් 64-bit සමග ක්‍රියාත්මක වන්නේනම් නැහැ. එනම් එවන් උපකරණ සඳහා 64-bit drivers අත්‍යවශ්‍යම වෙනවා.

ඇවිද්ද පය ලක්ෂ වටී....

Thursday, August 4, 2011
කාලෙක ඉදලම අපේ සිවිල් ඩිපාර්ට්මන්ට් එකේ 07 කණ්ඩායමේ කට්ටිය දෙවැනි batch ට්‍රිප් එකත් යන්න ඕන කියල හිතමින්නේ හිටියේ. ඒ වුනාට ඒක සාර්ථක වෙන්නනම් ටිකක් කල්ගියේ අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති දියත් කරන තාලෙටම තමා. කොහොමින් කොහොම හරි යන්න දවසකුත් දාගත්ත කියමුකෝ; ඒකත් යන්න වුනේ ඊට පස්සේ සතියේ(projects වල එහෙම හදීසි ප්‍රමාදවීම් වෙනවනේ.... වැස්ස නිසාවත් ගං වතුර නිසාවත් රජය විසින් වෙන්කරපු මුදල් ප්‍රතිපාදන මදිවීම නිසාවත් කියලනම් හිතන්න නම් එපා)
වෙනද වගේම මේපාරත් අපිට යන්න තැන් හොයල දුන්නේ ගෙවල් වලට වඩා කැලෑවේ ජීවත්වෙන රාත්‍රියේ ගමනෙහි යෙදෙන සුපුන් අසේල(set z) කියල කිවුවොත් තමා වඩා නිවැරදි. හැබැයි ඉතින් හොයල දුන්න තැන් වලින් යන්න පුළුවන්වුනේ  ප්‍රධාන පාරට කිලෝමීටර් පහක් දුරින් තියෙන බඹර කන්ද දිය ඇල්ල, දියළුම මුදුනට සහ කිලෝමීටර හතක පමණ දුර ගෙවා යායුතු ආරුක්කු නවයේ පාලම කියන ප්‍රධාන ස්ථාන වලට තමයි. ඔන්න වැඩි කතා නැතුවම යන විදිහ....

Google+ සහ අපේ භාවිතය

Wednesday, July 13, 2011

මෙච්චර කාලයක් Facebook සහ Twitter වගේ සමාජ සබඳතා වෙබ් අඩවි සමග සම්බන්ධවෙලා හිටපු ලෝකවාසීන්ගෙන් බහුතරයකට ඒ දේවල් නිසා තමන්ගේ කෑම පවා අමතක වෙන තත්වයක්නේ උදාවෙලා තියෙන්නේ. ඒ chat කරන්න status දාන්න වගේම comment කරන්න ගියාම වෙලාව යනවා කියන එක අමතක වෙන නිසානේ. ඔය අතරින් ලංකාවේ අපේ කට්ටියත් මේ වගේ දේවල් වලට හොදටම ඇබ්බැහිවෙලා කියන එකට හොඳ උදාහරණයක්‌ තමයි අලුතින්ම එකතු වුන Google+ ගේ කතාවත්.